ඇක්සස් කිංග්ස් කණ්ඩායම පරදමින් මෙවර වෙලඳ සේවා සත් සාමාජික රග්බි ශූරතාව හිමි කර ගැනීමට මාස් හොල්ඩිංග්ස් පුද්ගලික සමාගම සමත් විය. ඒ තියුණු මුහුණුවරක් ගත් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 19-14 ක් ලෙසින් ජය හිමි කර ගනිමිනි.
කොළඹ තුරග තරග පිටියේදි පැවති තරගාවලියේ තරගාවලියේ පලඟ ශූරතාව සී.ඩී.බී. බැංකු කණ්ඩායම %බී^ ලකුණු 12-07 ක් ලෙස පරාජයට පත් කළ කාන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් හිමි කර ගත්හ.
මේ අතර තරගාවලියේ බඳුන ශූරතාව ක්ලැසික් ට්රැවල්ස් පුද්ගලික සමාගම විසින්ද පලිහ ශූරතාව සී.ඩී.බී. %බී^ කණ්ඩායම විසින්ද දිනා ගත්හ.
තරගාවලිය සඳහා කණ්ඩායම් 32 ක් තරග වැදිණි.
කුසලාන අවසන් මහා තරගයේ අවස්ථාවක්
ඡායාරූප- ශමීර රාජපක්ෂ