වෙළඳ සේවා දැල්පන්දු ශූරතාව හැටන් නැෂනල් බැංකුවට
වෙළෙඳ සේවා ලීග් දැල්පන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයෙන් සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 46-51ක් ලෙස පරදවමින් ශූරතාව දිනාගැනීමටහැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය.
අවසන් තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි කාර්තු 12-10ක්, 25-22ක් සහ 35-36ක් වශයෙන් ඉදිරියෙන් සිටියේ සෙලාන් බැංකු කණ්ඩායමයි. කෙසේ වෙතත් අවසන් කාර්තුව නිමාවෙද්දී ලකුණු තත්ත්වය 46-51ක් ලෙස ඉදිරියෙන් සිටිමින් ශුරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය.
මෙහිදී දැල්පන්දු රැජින ලෙස කිරුළු පැලඳීමට වරම් හිමි කරගත්තේ හැටන් නැෂනල් බැංකුවේ ගයනි දිසානායකයි. අවසන් තරගය පෙරේදා (12දා) ටොරින්ටන් එළිමහන් ක්රීඩාංගණයේදී නිමාවට පත්විය.‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය සී. ඩී. බී. විසින් දිනාගන්නා ලදී.
‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ මිශ්ර යනාදී කාණ්ඩ යටතේ තරග පැවැති අතර,‘බී’ කාණ්ඩයේ ශුරතාව දිනාගත්තේ ලකුණු 29-19ක් ලෙස නේෂන්ස් ට්රස්ට් බැංකුව පරාජයට පත් කළ කොමර්ෂල් බැංකු කණ්ඩායමයි. එහි තෙවැනි ස්ථානය සම්පත් බැංකුවට හිමිවිය. ලකුණු 28-14ක් ලෙස එච්.එස්.බී.සී. බැංකුව පරාජය කළ මාස් ශේඩ්ලයින් ‘සී’ කාණ්ඩයේ ශූරතාවට හිමිකම් කීය.
‘ඩී’ කාණ්ඩයේ ශුරතාව දිනාගත්තේ ලකුණු 25-08ක් ලෙස ඩබ්.එන්.එස්. පරාජයට පත් කරමින් ඔමේගා ලයින් ‘ඒ’ කණ්ඩායමයි. තරගාවලියේ සුවිශේෂී තරගයක් වූ මිශ්ර තරගයෙන්ද සෙලාන් බැංකුව ලකුණු 10-21ක් ලෙස පරාජයට පත්කරමින් ශුරතාව දිනාගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.
තරගාවලියේ දක්ෂතම මැදපෙළ ක්රීඩිකාව ලෙස හැටන් නැෂනල් බැංකුවේ ගයංජලී අමරවංශද, දක්ෂතම විදින්නිය ලෙස සෙලාන් බැංකුවේ තර්ජිනී ශිවලිංගම්ද දක්ෂතම ආරක්ෂකයා ලෙස සෙලාන් බැංකුවේ මන්දිරා චාරුණීද සම්මානයට පාත්ර වූහ.
ඡායාරූප ක්රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



















