ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන 2016 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ කාලසටහන හා කාණ්ඩ එළි දැක්වීම අද (11දා) සිදු කෙරුණි. තරගාවලිය මාර්තු මස 8 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 8 කදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව මෙවර සුපිරි වටයේදී තරග වදිනුයේ දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය හා පළමු වටයේ තරගවලින් බී කාණ්ඩයෙන් ජයගන්නා කණ්ඩායම සමගය. බී කාණ්ඩය යටතේ පළමු වටයේදී සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, හොංකොං හා ඇෆ්ගනිස්ථානය තරග වැදීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සහභාගී වන කාණ්ඩයේ සුපිරි වටයට ඇතුළත් වනවා ඇත.
එමෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පළමුවටයේදී ඒ කාණ්ඩයෙන් ජයගන්නා කණ්ඩායම සුපිරි වටයේදී අනෙක් කාණ්ඩයෙන් තරග කරනා අතර, එහිදී බංග්ලාදේශය, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ඕමානය අතරින් එක් කණ්ඩායමක් ඔවුන් හා සුපිරි වටයේදී තරග කරනු ලබයි.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග නවදිල්ලියේදී පැවැත්වෙන අතර, අවසාන මහා තරගය කොල්කටාහිදී පැවැත්වේ.
කාණ්ඩ හා තරග කාලසටහන උපුටා ගැනීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය