ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරග දෙකට අදාළ සියලුම ප්‍රවේශ පත් මේ වන විට අලෙවී වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයේ කළේ පල්ලේකැලේ පිටියේ හෙට පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට අදාළ ප්‍රවේශ පත් අලෙවි ඇති බවයි. එසේම මිට ඉහතදී නිකුත් කළ නිවේදනයක දැක්වූයේ 9 දා ඛෙත්තාරාම පිටියේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ ප්‍රවේශ පත්ද අලෙවි කළ අවසන් බවයි.
ඒ අනුව විස්සයි20 තරග දෙකේදී ක්‍රීඩාංගණ දොරටු අසළදී ප්‍රවේශ පත් අලෙවි නොවණු ඇත. ක්‍රිකට් ආයතනය අද (05දා) නිකුත් කළ නිවේදනයක දැක්වූයේ ප්‍රවේශ පත් මිලට නොගත් කිසිවෙකුට ක්‍රීඩාංගණ තුළට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවයි.