පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරු අසාර් අලී ද්විත්ව ශතයක් වාර්තා කරමින් වාර්තා අතරට එක්විය.
ඔහු නොදැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව වර්ෂයක් තුළදි ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු හා මෙල්බර්න් පිටියේදී ද්විත්ළු ශතකයක් රැස්කළ පළමු විදෙස් ආරම්භක පිතිකරු ලෙස මෙහිදී අසාර් අලී ඉතිහාසයට එක්විය.