බ්‍රිතාන්‍ය අංක එකේ ටෙනිස් ක්‍රීඩක මෙන්ම කළක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාද වූ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේට වසර තුනකට පසු ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථාන 10 අහිමිවී ඇත. ඒ අද (06) නිකුත්වූ අන්තර්ජාතික ටෙනිස් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් හිදීය.
එහිදී මරේට හිමි වි ඇත්තේ 16 වැනි ස්ථානයයි.
මෙහි පෙරමුණ සුපුරුදු පරිදි ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් විසින් හිමි කර ගනිද්දී ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් දෙවැනි ස්ථානය රැකගෙන ඇත.
සිව්වතාවක් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ඇති මරේ මේ වසර ආරම්භයේ පටන් දරුණු පසුබෑමකට ලක් වූ අතර එහිදී තරගාවලි 10 කට සහභාගි වෙමින් ඔහු ජයගැනීමට සමත්ව ඇත්තේ එකක් පමණි.
අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්