ශ්රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු උපුල් තරංගට වසර පහකට පමණ පසුව විස්සයි20 තරගයක් ක්රීඩා කිරීමේ අවස්ථාව ලැබී තිබේ. ඒ දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංක කණ්ඩායම අතර නිව්ලෑන්ඩ්ස් පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් තිරණාත්මක විස්සයි20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමට තරංග නම් කර ඇති හෙයනි.
තරගයේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරයි. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. තරංග අවසන්වරට විස්සයි20 තරගයක් ක්රීඩා කර ඇත්තේ 2012 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ පිටියේදීය.