ලෝකයේ වැඩිම ගෙවීමක් ඇති ක්‍රීඩකයා මේ වෙදර්
ලෝකයේ වැඩිම ගෙවීමක් සහිත ක්‍රීඩකයා බවට නැවත වරක් ඇමෙරිකානු සුපිරි බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේ වෙදර් පත්ව තිබෙනවා.
ෆෝබ්ස් සඟරාව නිකුත් කළ නවතම වාර්තාව අනුව පසුගිය මාස 12 තුළ උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් වනවා. එම මුදලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට හිමිවූයේ සහස්‍රයේ සටන ලෙසින් පිලිපීනයේ මැනී පැකායෝ හා පැවැති බොක්සිං තරගය ජයගැනීමෙනි. මැනී පැකායෝ ඩොලර් මිලියන 160ක් පසුගිය මාස 12 කාලය තුළ උපයාගෙන ඇති අතර, ඒ අනුව ඔහු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
පසුගිය වසරේදී නිකුත් වූ මෙම සටහනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමටද මැනී පැකායෝ සමත් වුණා. පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ඩො.මි. 79.6) හා ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී (ඩො.මි. 73.8 ) පිළිවෙළින් මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටිනවා.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ඩොලර් මිලියන 31 උපයාගෙන 23 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් වැඩිම ගෙවීමක් ඇති ක්‍රීඩකයා වනවා. රුසියානු ටෙනිස් ක්‍රීඩිකා මාරියා සරපෝවා ඩොලර් මිලියන 29.7 ක් උපයාගෙන් ලැයිස්තුවේ 26 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩිකාව වන්නේද ඇයයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

