ලෝකයට ඔබව මතක සිටින්නේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග ගණනින් - බෙයාස්ටෝ
ඔබව ලෝකයට මතක සිටින්නේ ඔබ ක්‍රීඩා කළ ටෙස්ට් තරග ගණනිනුයි යනුවෙන් එංගලන්තයට බිහිවූ සාර්ථක කඩුළු රකින්නෙකු සේම පිතිකරුවෙකු වූ ජොනී බෙයාස්ටෝ පවසයි.
ටෙස්ට් තරග 50කට ක්‍රීඩා කර ලකුණු සාමාන්‍යය 40කට ආසන්න මට්ටමේ පවත්වාගෙන සිටින බෙයාස්ටෝ මේ වන විට එක්දින කණ්ඩායමේද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටිනවා. ප්‍රහාරක පිතිකරුවෙකු ලෙස එංගලන්ත එක්දින ඉනිම ආරම්භ කිරීමට පැමිණෙන බෙයාස්ටෝ වඩා ගරුකරන්නේ සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවටයි. එය මේ මොහොතේ නවීකරණය වෙමින්, කෙටි වෙමින්, වේගවත් වෙමින් දිනෙන් දින මුදල් මතින් ඉදිරියට එන්නට උත්සාහ දරණ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන තරුණයෙකු විසින් දරණ උසස් මතයක්. මේ එ් පිළිබඳ ඔහුගේ ප්‍රකාශය.
"It's the traditional game, it's like taking fifteens rugby away and just playing sevens rugby. It's something we've definitely got to cherish and play and I want to go on and play as many Tests as I can because you get remembered for how many Tests that you've played."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

