බංග්ලාදේශයේ පැවති පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ජයගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම අගයමින් ජයග්‍රාහී කණ්ඩායමට ඕමානයේ පදිංවි ශ්‍රී ලංකා පවුලක් රුපියල් මිලියන 2.5ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ආනන්දු ප්‍රනාන්දු නම් ශ්‍රී ලංකිකයා විසින් පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට මෙම මුදල් පරිත්‍යාගය ඊයේ (06දා) ලබාදුන්නේය.
පන්දුවාර විස්සයි20 ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ද මෙම අවස්ථාවට එක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය වෙනුවෙන් එහි උපසභාපති මොහාන්ද සිල්වා මහතා ආනන්ද ප්‍රනාන්දු මහතාට ස්තූතිය ප්‍රකාශ කළේය.