හයවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (03දා) රාත්‍රී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ.
මෙහිදී ශූරයන්ට ඩොලර් මිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 52 කට අධික දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමන අතර අනු ශූරයන්ට ඩොලර් මිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 22 කට අධික මුදලක් හිමිවේ.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ නවසීලන්තයට සහ ඉන්දියාවට ඩොලර් 750,000 ක් හෙවත් රුපියල් කෝටි 11 බැගින් පිරිනැමීමට නියමිතය.
මෙවර අවසන් මහ තරගය විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ නොමැකෙන තරගයක් වෙමින් පළමු වරට එක රටකට දෙවැනි වරට ශූරතාව දිනාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. මීට පෙර පැවැති තරගාවලි පහේදීම කිසි`දු රටක් දෙවරක් ශූරතාව දිනා නැත.
එංගලන්තය 2010 වසරේ කොදෙව් දූපත්හිදී ද, කොදෙව් පිල 2012 වසරේ ශ්‍රී ලංකාවේදී ද, ශූරයන් බවට පත්ව තිබේ. දකුණු අප්‍රිකාවේදී 2007 වසරේ ආරම්භ වී මේ දක්වා පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලි හයේදී කිසි`දු සත්කාරක රටකට ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාව 2012 වසරේ ශ්‍රී ලංකාවේදී අනු ශූරතාවයෙන් සෑහීමට පත්විය.
හත්වැනි විස්සයි 20 තරගාවලිය 2020 වසරේ ඕස්ටේ්රලියාවේදී පැවැත්වීමට නියමිතය.
එංගලන්ත සංචිතය- ඔයින් මෝගන් (නායක), මුයින් අලී, සැම් බිලින්ස්, ජෝස් බට්ලර්, ලියම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ක්රිස ජෝඩන්, ලියම් ප්ලන්කේට්, අඩිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, රීස් ටොප්ලි, ජේම්ස් වින්ස් සහ ඩේවිඩ් විලි
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය - ඩැරන් සැමී (නායක), සැමුවෙල් බද්රි, සුලෙයිමෙන් බෙන්, කාලෝස් බ්රැත්වයිට්, ඩ්වේන් බ්රාවෝ, ජොනතන් චාල්ස්, ලිඩ්ල් සිමන්ස්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, ඈෂ්ලි නර්ස්, දිනේෂ් රාම්ඞීන්, ඇන්ද්‍රි රසල්, මාලන් සැමුවෙල්ස්, එවින් ලූවිස්, ජෙරමි ටේලර්