ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පසුගියවර ශූරයා වූ නොවැක් ජෙකොවිච් මෙවර තරගාවලියේදී ශ්‍රේණිගත කිරීම් හා 117 වැනි ස්ථානයේ පසුවන ඩෙනිස් ස්ටොමින් හමුවේ දෙවැනි වටයේදී අනපේක්ෂිත අයුරින් පරාජයට ලක් විය.
මෙම පරාජයේ සුවිශේෂත්වය වන්නේ ජෙකොවිච් 2008 වසරෙන් පසුව පැවති සියලුම ටෙනිස් තරගාවලිහිදී දෙවැනි වටයෙන් ඉවත්ව නොතිබීමයි. අවසන්වරට ජෙකොවිච් ග්‍රෑන්ඩ්ස්ලෑම් තරගයක දෙවැනි වටයෙන් ඉවත්ව ඇත්තේ 2008 වසරේ විම්බල්ඩන් තරගාවලියේදීය.
හයවරක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය (2008, 2010, 2012, 2013, 2015, 2016) ජයගෙන ඇති 29 හැවිරිදි ජෙකොවිච් හා 30 හැවිරිදි ඩෙනිස් ඉස්ටොමින් අතර තරගය පැය 04කුත් මිනිත්තු 48 ක් පුරා පැවති අතර, අවසානයේදී ජෙකොවිච්චට පසු බැසීමට සිදුවිය.
කෙසේ වෙතත් ජෙකොවිච්ගේ ප්රබලතම ප්‍රතිවාදියා වන මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ මෙම තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඇන්ඩි මරේ පසුගිය වසර 07 තුළදී ජෙකොවිච් හමුවේ අවසන් මහා තරග 04ක් පරාජයට පත්ව තිබීමද සුවිශේෂීය.
ඩෙනිස් ඉස්ටොමින් හමුවේ පරාජයට පත්ව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමත් සමග ජෙකොවිච් පවසා සිටියේ ඩෙනිස් ජයග්‍රහණය සඳහාම තරග කළ බවයි.
“කිසිදු දෙගිඩියාවක් නැහැ. ඔහු ඇත්තටම විශිෂ්ට ක්‍රීඩකයෙක්" යැයි ජෙකොවිච් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.