එළඹෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පුහුණුකරුවෙකු සිටිනවානම්, තමන් එය අනුමත කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා, "ලෝක කුසලාන තරගාවලියේදී ජාත්‍යන්තර පුහුණුකරුවෙකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒක ප්‍රශ්නයක් හැටියට ගන්න නෙමෙයි මම කැමති. එහෙම දෙයක් වෙනවානම් හොඳයි. මොකද සමහර වෙලාවට අපේ ක්‍රීඩකයෝ හිතාගෙන ඉන්න පුළුවන් ඔවුන්ට ඉගෙනගන්න දෙයක් නැහැ කියලා. නමුත් ජාත්‍යන්තර පුහුණුකරුවෙකුගෙන් අපේ ක්‍රීඩකයන්ටත් ඉගෙනගන්න පොඩි දෙයක්හරි තියෙනවා. මම ඒ තැන ඉන්නවා" යැයි පැවසීය.