ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම තම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසීය.
ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලානය සඳහා තරගවදින ශ්‍රී ලංකා සංචිතය මාධ්‍යවෙත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
"මටනම් යන්න ඕන ලෝක කුසලාන දිනනකම්ම. ඒක තමයි මගේ, තේරීම් කමිටුවේ මෙන්ම ලංකාවේ බලාපොරොත්තුව. ලංකාවේ ඉන්න මධ්‍යයත් බලන්නෙ ලෝක කුසලාන අවසන් තරගයට යන්න. එතැනදී ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි අවුරුදු දෙකක් විතර ලෙකු කැපකිරීමක් කළා. අපි අතරින් හොඳ තීරණ ආවා. වරදින්නත් ඇති. මං හැමතිස්සෙම කියනවා වගේ සියල්ල සම්පූර්ණ නෑ. ඒත් ඒ හැමදෙයක්ම හොඳ විදියට කරන්න තේරීම් කමිටුව ලෙස වැඩකළා." යැයි සනත් පවසා සිටියේය.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න (උපනායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් , ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්ර සේනානායක