ලෝක කුසලානය ඉලක්කමෙන්
තරගාවලියට එක්ව තිබෙන සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 210කි.
මහේල ජයවර්ධන ලෝක කුසලාන තරග 33කට ක්‍රීඩාකර තිබෙන අතර, මෙවර තරගාවලියට එක්වන ක්‍රීඩකයන් අතරින් වැඩිම ලෝක කුසලාන තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයා ඔහුය.
පසුගිය වසරවලදී ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායම්හි අවසන් 11 දෙනා නියෝජනය කර තිබෙන ක්‍රීඩකයන් 5 දෙනෙක් මෙවර තරගාවලියට එක්වෙති. ඉන්දියාවේ (2011 ලෝක කුසලානය) මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි හා සුරේෂ් රයිනා, ඔස්ට්‍රේලියාවේ (2007 ලෝක කුසලානය) මයිකල් ක්ලාක් හා ෂේන් වෝට්සන් එම ක්‍රීඩකයෝ වෙති.
කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරග 30කදී ලකුණු 991 ක් රැස්කර තිබෙන අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන ක්‍රීඩකයෙක් රැස්කර ඇති ඉහළම ලකුණු ප්‍රමාණය වෙයි.
ලෝක කුසලාන ඉනිම 15කට ක්‍රීඩා කර ඇති මයිකල් ක්ලාක් ලකුණු 669ක් රැස්කර තිබෙන අතර, ඔහුගේ ඉනිමක සාමාන්‍යය 83.63ක් ලෙස දැක්වෙයි. මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන ක්‍රීඩකයන් අතරින් හොඳම සාමාන්‍යයක් පවත්වාගෙන යන පිතිකරු බවට මයිකල් ක්ලාක් පත්ව තිබේ.
ලෝක කුසලාන තරග 15කදී ලසිත් මාලිංග කඩුලු 31ක් දවාගෙන තිබෙන අතර, එය මෙවර ලෝක කුසලානයට එක්වන පන්දු යවන්නෙක් දවාගෙන ඇති ඉහළම කඩුලු ප්‍රමාණය වෙයි. එසේම මාලිංගගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 17.87ක් වන අතර එය මෙවර තරගාවලියට එක්වන පන්දු යවන්නන් අතරින් හොඳම සාමාන්‍යයක් සහිත පන්දුයවන්නා බවට පත්ව තිබෙයි.
ලෝක කුසලාන තරගාවලියට එක්වන කඩුලු රකින්නන් අතරින් වැඩිම දවාගැනීම් ප්‍රමාණයකට දායකවී ඇත්තේ කුමාර් සංගක්කාරය. ඔහු දවාගැනීම් 46කට සම්බන්ධවී තිබෙන අතර එයට උඩපන්දු 36ක් හා ස්ටම්ප්කිරීම් 10ක් ඇතුළත්ය.
ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයන් දෙදෙනෙකු රටවල් දෙකක් නියෝජනය කර තිබේ. මෙවර අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන එඩ් ජෙයිස් 2007 වසරේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කළේය. එසේම ඔහු 2011 හා 2015 වසරේදී අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරයි. මෙවර එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇති ඉයන් මෝගන් 2007 වසරේදී අයර්ලන්තය නියෝජනය කළ අතර, ඔහු 2011 හා 2015 වසරේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරයි.
තරගාවලියට කණ්ඩායම් 14ක් ඇතුළත් අතර පෙබරවාරි 14 දාට සිට මාර්තු 29දා දක්වා නගර 14කදී තරග 49ක් පැවැත්වේ.
නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය දරන්නේ වසර 23කට පසුවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

