ලෝක කුසලානය අභිමුව රුසියාව ත්‍රස්ත අවදානමක
ෆිෆා පාපන්දු ලෝක කුසලානය මෙම වසරේ ජුනි මස රුසියාවේ මොස්කව් නුවරදී ආරම්භ වීමට නියමිතය. ඊට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති %අයි.එස්.අයි.එස්^ සංවිධානය, ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කරන ලෙසට සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම පෝස්ටරයේ රුසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිරිපිට පිහි කට්ටලයක් දැක්වෙන අතර, ඊට යටින් ප්‍රංශ භාෂාවෙන් 'ඔවුන් සියලු දෙනාවම මරා දමනු' යන වැකිය ලියා තිබේ. මෙය 'අයි.එස්.අයි.එස්' සංවිධානයට පක්ෂපාතී ප්‍රංශ සංවිධානයක් විසින් නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී 'අයි.එස්.අයි.එස්' සංවිධානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට තර්ජනය කරමින් පැවැසුවේ “මුස්ලිම්වරුන් මරා දැමීමේ මිල ගෙවීමට සූදානමින් සිටින” ලෙසයි. මෙම පෝස්ටරයේ පිපිරීමක් මැදින් ඒ. කේ 47 වර්ගයේ තුවක්කුවක් ඉහළට ඔසවාගත් ජිහාඩ් සටන්කරුවෙකු මතුවෙන අයුරු දැක්වෙන අතර, ඔහුට පිටුපසින් සෙනග පිරුණු පාපන්දු ක්‍රීඩාංගණයක් ප්‍රදර්ශනය වේ. පෝස්ටරයේ වම් පස පුටින් දකින්නට ලැබෙන අතර, ඔහුව තැඹිලි පැහැයෙන් ඉලක්ක කර තිබේ.
එම පෝස්ටරයේ යට කොටසේ “පුටින් උඹ අවිශ්වාස කරන්නෙක්. මුස්ලිම්වරුන් මරා දැමීමේ මිල උඹට ගෙවීමට සිදුවේවි” යන වැකිය මුද්‍රණය කර ඇත. 'අයි.එස්.අයි.එස්' සංවිධානයට එරෙහිව සිරියානු ජනාධිපති බෂාර් අල්-අෂාද් ගෙන යන සටනට ගුවන් ප්‍රහාර එල්ල කරමින් රුසියාව ලබාදෙන සහායට විරෝධය පෑමක් ලෙසින් ඉහත තර්ජනය නිකුත් කර තිබේ.
පසුගිය මාර්තු මාසයේදීද 'අයි.එස්.අයි.එස්' සංවිධානය පෝස්ටරයක් නිකුත් කර ඇති අතර, එහි ආර්ජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී ජිහාඩ් සටන්කරුවෙකු ළඟ දණගසා සිටින ඡායාරූපයක් විය.එම පෝස්ටරයේ මෙසී සැරසී සිටින්නේ 'අයි.එස්.අයි.එස්' සංවිධානය විසින් ගෙල සිඳ මරා දමන පුද්ගලයන්ට අන්දවන තැඹිලි පැහැති ජම්ප්සූට් වර්ගයේ ඇඳුමකිනි. ඔහු දණගසාගෙන සිටින්නේ ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණය තුළ බවද පෙනෙන්නට තිබේ.
2018 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය ජුනි 14දා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11කදී පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ලුසිනිකි ක්‍රීඩාංගණයේදීය. මාසයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය නැරඹීම සඳහා ලොව පුරා වෙසෙන පාපන්දු ලෝලීන් දසදහස් ගණනක් රුසියාවට පැමිණීමට නියමිතය.
රුසියාවේ දෙවැනි විශාලතම නගරය ලෙසින් සැලකෙන ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පසුගිය අප්‍රේල් මාසයේදී %අයි.එස්.අයි.එස්^ සංවිධානය බෝම්බයක් පුපුරුවා හැරි අතර, ඉන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ජෝශුවා නේතන් කරුණාරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





