ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින කණ්ඩායම් හා එහි ව්‍යුහය වෙනස් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆිෆා) හි අවධානය මේ වන විට යොමු වී ඇත.
ඒ අනුව මේ වන විට යෝජිත කණ්ඩායම් 48 ක සැලැස්ම පිළිබද ඊයේ දිනයේදී ලෝක පාපන්දු බළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඡන්ද විමසීමක් සිදු කිරීමට පියවර ගෙන ඇත. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවන්නේ මේ වන විට කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලානය කණ්ඩායම් 48ක් දක්වා වර්ධනය කර ගැනිමයි.
මෙහිදි කාණ්ඩ 3 ක් යටතේ ඔවුන් තරගාවලියට සම්බන්ධ කර ගැනීමට අවධානය යොමු වි ඇත. මෙම ක්‍රමය සම්මත වුවහොත් 1998 වර්ෂයෙන් පසුව ලෝක කුසලාන තරග ආකෘතිය වෙනස් කරන පළමු අවස්ථාව වනු ඇත.කෙසේ නමුත් මෙහිදී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 2026 වර්ෂයෙ ලෝක කුසලාන තරගාවලියේ සිටයි.