ලොව හොඳම ඉදිරිපෙළ ක්රීඩකයන් තිදෙනා තම කණ්ඩායම සතු වන බව මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමට අලුතින් එක්වූ ස්පාඤ්ඥ ක්රීඩක ඇන්ඩ්රේ හෙරේරා පවසයි. කෙසේ නමුත් ඔවුන් ලොව අනෙකුත් සුපිරි පාපන්දු පාපන්දු කණ්ඩායම් වන රියල් මැඩ්රිඩ්, බාසිලෝනා හෝ චෙල්සි වැනි කණ්ඩායම්වල ඉදිරිපෙළ ක්රීඩකයන් සමග සංසන්ධනය කිරීමට තමාට නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කරයි.
හෙරේරාගේ මෙම ප්රශංසාවන්ට භාජන වී ඇත්තේ මැංචෙස්ටර් කණ්ඩායමේ වේන් රූනි, රොබින් වැන්පර්සි හා රැද්මෙල් ෆැල්කාවෝ යන ක්රීඩකයන් තිදෙනායි.