එක්දින ක්රිකට් පිටියේ වේගවත්ම අර්ධශතකය මෙන්ම වේගවත්ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්රිකාවේ නායක ඒ.බී. ඩිවිලියර්ස් අද (18දා) සමත්වූයේය. ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගයේදීය.
ඩිවිලියර්ස් එක්දින අර්ධ ශතකය පන්දු 16කින් වාර්තා කළ අතර එක්දින ශතකය පන්දු 31කින් වාර්තා කළේය.
ලොව වේගවත්ම අර්ධ ශතකයට මීට ඉහතදී හිමිකම් කීවේ ශ්රී ලංකාවේ සනත් ජයසූරියයි. එය පන්දු 17කින් වාර්තා කර තිබුණි. ලොව වේගවත්ම ශතකයට හිමිකම් කීවේ නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන්ය. ඔහු පන්දු 36කින් එම වාර්තාව පිහිටුවා තිබුණි.
කුරේ ඇන්ඩර්සන් පසුගිය වසරේ ජනවාරි මාසයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව ලොව වේගවත්ම ශතකය වාර්තා කළේය.
සනත් ජයසූරිය 1996 වසරෙදී පාකිස්තානයට එරෙහිව ලොව වේගවත් එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.