එළඹෙන 13දා ඉන්දියාවේදී ආරම්භවන චැමිපියන්ස් ලීග පන්දුවාර විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ඇතුළුවීමට පාකිස්තාන ලාහෝර් ලයන්ස් කණ්ඩායමට අවශ්‍ය වීසා අවසරය ලබා දීමට ඉන්දියාව කටයුතු කොට තිබේ.
පාකිස්තානයේ දේශීය පන්දුවාර විස්සයි20 තරගාවලිය ජයගත් ලාහෝර් ලයන්ස් කණ්ඩායමට තරගාවලිය සඳහා එක්වීම අවිනිශ්චිත තත්ත්වයක තිබුණේ ඉන්දියාවට ඇතුළුවීම සඳහා අවසර ලබාදීම ගැටළුකාරී තත්ත්වයක පත්ව තිබුණු හෙයිනි. ඒ පාකිස්තානය හා ඉන්දියාව අතර පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.
නමුත් අවසානයේදී ඉන්දියාව ලාහෝර් ලයන්ස් කණ්ඩායමට ඉන්දියාවට පැමිණීමට අවසර ලබාදුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ලාහෝර් කණ්ඩායමේ නායක මොහොමඩ් හෆීස් පැවැසුවේ තමන් ඉන්දියාවට පැමිණෙන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුව බවයි.
ලාහෝර් ලයන්ස් කණ්ඩායම එළඹෙන 14දා ශ්‍රී ලංකාවෙන් එම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම හා තරග වැදීමට නියමිතය.