එංගලන්ත ප්රාන්ත ක්රිකට් කණ්ඩායමක් වූ විරල් කණ්ඩායම ක්රිකට් වාර්තා පොතට වාර්තාවක් එක් කිරීමට සමත් වී තිබේ. ඒ පසුගියදා පැවැති චෙෂයර් ලීග් තරගාවලියේදී හැස්ලින්ටන් සමග පැවති තරගයේදී කණ්ඩායමේ සියලු ක්රීඩකයන් ලකුණු 3කට දැවී යාමත් සමගයි.
තරගාවලියේ තුන්වැනි කාණ්ඩායේ තරගයක් ලෙස පැවති මෙම තරගයේදී ඔවුන්ගේ පිතිකරුවන් දස දෙනෙකු ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණු ලක්ෂණයක් වූ අතර, ඔවුන් ලබාගත් ලකුණු 3ක් ලකුණු 2ක්ම පාදයේ වැදීමෙන් ලබා ගත් ලකුණු (Leg byes) වන අනෙක් විශේෂත්වය වනුයේ එකලොස්වන පිතිකරු ලෙස පිටියට පිවිසි කොනොර් හොඩ්සන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් නොදැවී ලකුණත් වාර්තා කිරීමට සමත්විය.
ඔවුන්ගේ මෙම වාර්තාගත ලකුණු පුවරුවත් සමග තරගය ලකුණු 105කින් පරාජය වීමට විරල් කණ්ඩායමට සිදුවූයේ මුලින්ම පන්දුවට පහරදී සිටි හැස්ලින්ටන් ලකුණු 108ක් රැස් කර සිටි බැවිනි.