ක්රීඩා ලෝලීන්ට අමතක නොවන තරගයක් දැකබලා ගැනීමට අවස්ථාව උදාකර දුන් රොස් ටේලර්ගේ අනගි ඉනිම හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර කඩුලු 05ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (07දා) සමත් විය. මේ අනුව කණ්ඩායම් දෙකම තරග 05කින් යුත් තරගාවලියේ මේ වන විට තරග 2-2ක් ලෙස සම තත්ත්වයේ පසු වෙයි.
ඩුනේඩින්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 339ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම තරගයේ 49.3 වැනි පන්දුවෙදී සිය ඉලක්කය පසුකර යෑමට සමත් විය. මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ රොස් ටේලර් නොදැවී ලකුණු 181ක් රැස්කිරීමට සමත් වූ අතර, එය ඔහුගේ එක්දින දිවියේ හොඳම ඉනිමද වේ. තරගයේ වීරයා සම්මානයද ටේලර්ට හිමිවිය.