ස්පාඤ්ඤ ලා ලීගා පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රීඩ් වෙනුවෙන් වැඩිම ගෝලලාභියා බවට පත්වීමට පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.
ඒ තරගාවලියේ එස්පැනියෝල් සමගින් පැවති තරගයේදී ගෝල 5 ක් වාර්තා කරමින් තරගාවලි ඉතිහාසයේ සිය ගෝල 230 කඩඉම සම්පූර්ණ කරමිනි. මෙහිදී ඔහු බිඳදැමුවේ මීට පෙර ස්පාඤ්ඤයේ රාවුල් විසින් තබා තිබූ ගෝල 228 ක වාර්තාවයි.
2009 වර්ෂයේදී රියල් කණ්ඩායම හා එක්වන රොනාල්ඩෝ කණ්ඩායම වෙනුවෙන් තරග 203 කට ක්‍රීඩා කර ඇත.
එමෙන්ම මෙම වාර්තාවත් සමගම ස්පාඤ්ඤ ලා ලීගා පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝලලාභීන් අතර සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමටද ඔහු සමත් විය.
එහි පෙරමුණේ පසු වන්නේ ගෝල 287 ක් වාර්තා කළ බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසීය.