දෙවැනි වරටත් පැවැති රෙඩ්බුල් රයිඩ් මයි වේව් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 15.5 ක් හිමිකරගත් අසංක වඩුගේ සමත්විය. තරගාවලිය දින 03 ක් (පසුගිය 23 වැනිදා සිට 25 වැනිදා දක්වා) පුරා අරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්විණි.
අසංක වඩුගේට තියුණු සටනක් දෙමින් ලකුණු 10.3 ක් රැස්කරගත් කේ.එච්. ලසිත ප්‍රභාත් දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. එහි තෙවැනි ස්ථානය නවසීලන්ත ජාතික ජෝර්ඩින් ග්‍රිෆින් දිනාගැනීමට සමත් විය.
තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ඩොලර් 1000, ඩොලර් 750 ක සහ ඩොලර් 500 බැගින් මුදල් ත්‍යාග පිරිනැමූ අතර, මේ සඳහා දේශීය මෙන්ම විදේශීය සර්ෆ් ක්‍රීඩකයන් 55 දෙනෙක් සහභාගී වූහ.