ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පිළිබඳව තමන් කැමැත්තෙන් සිටියත් පසුගිය සති හතක කාලය තුළදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිවෙකු තමන්ට කතා නොකළ බව මිඩ්ල්සෙක්ස් කණ්ඩායමේ පුහුණුකරු මාක් රාම්ප්‍රකාශ් සඳහන් කරයි.
එසේම ඒ පිළිබඳව යම්දුරකට ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබෙන බවත් රාම්ප්‍රකාශ් සඳහා කර තිබේ.
'ද ගාඩියන්' පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය අගය කරන බවත් කණ්ඩායමේ පහසුකම් අතිවිශිෂ්ට බවත්ය.