සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ අද (06දා) පළමු දිනය නිමාවන සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 314 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි අජින්ක්‍යා රහානේ ලකුණු 109 ක් හා රවිචන්ද්‍ර අශ්වින් ලකුණු 10 ක්ද රැස් කරගෙන සිටියේය. ඔවුන් දෙදෙනා ලකුණු 41ක සබඳතාවක් ගොඩනගා සිටියි.
ලෝකේෂ් රාහුල් සමගින් ශිකර් දවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 108ක ස්ථාවර ආරම්භක් ලබාදුන්හ. කෙසේ නමුත් මුලු ලකුණු 133 ක් වනවිට ඉනිමේ කඩුලු 04ක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් අජික්යා රහානේගේ පැමිණීමත් සමඟ නැවතත් ඉන්දීය ඉනිම ස්ථාවර වූ අතර, 05 වැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු දවාන් දැවීයන විට ලකුණු 267 ක් විය. ඉන් අනතුරුව ඉනිමට ලකුණු හයක් එක්වන විට රිද්හිනම් සහ (03) දැවීගියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුවහන් කළ කසුන් රජිත කඩුලු 03 දවාලීය.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද (07දා) තරගයේ දෙවැනි දිනයයි.
අජින්ක්‍යා රහානේ