ටෙස්ට් තරග 150කදී තරග තීරක වශයෙන් කටයුතු කළ පළමු අයි.සි.සී. විශේෂිත මට්ටමේ තරග තිරක ලෙස ශ්රී ලංකාවේ රංජන් මඩුගල්ල අද (150දා) වාර්තා අතරට එක්විය.
ඉන්දියාව හා එංගලන්තය අතර එංගල්තයේ පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වූ අතර එම තරගයේ තරගයේ තීරක ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරන හෙයින් ඔහු මෙම කඩඉම පසු කළේය.
රංජන් මඩුගල්ල හිටපු ශ්රී ලංකා ක්රිකට් නායකයෙකු වන අතර මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ටෙස්ට් තරග 150ක තරග තීරක ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා බවට පත්වීමට ලැබීම තමන්ට ලැබූ ගෞරවයක් බවයි.
සී නිවුස් ඇසුරෙනි