ශ්රී ලංකා වයස අවුරුදු 19 පහළ යොවුන් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් හා එක්දින ක්රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
2016 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය තෙක් ඔහුගේ සේවාව ලබාගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇත. රොජර් විජේසූරිය මහතා යොවුන් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.