ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව සමගින් පැවති තරගය ලකුණු 50-19 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතිය අවසන් කරමින් මෙම තරගය මහනුවර නිත්තවෙළ ක්රීඩාංගණයේදී පැවැත්වීණි.
තරගයේ පළමු අර්ධයේදීම සිය මව් ක්රීඩාංගණයේ අණසක පැතිරවීමට සමත් වූ මහනුවර ක්රීඩකයෝ ලකුණු 28-07 ක් ලෙසින් එම අදියර අවසන් වන විටදී ඉදිරියෙන් සිටීමට සමත් වූහ.
ජයග්රාහී මහනුවර ක්රීඩකයෝ ගෝල දිනුම් 5 ක් ,උත්සාහක දිනුම් 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර ගෝල දිනුම් දෙකක් හා එක් උත්සාහක දිනුමක් යුද හමුදා කන්ඩායමේ ලකුණු පුවරුව ක්රියාත්මක කරවීය.
මෙය මෙවර තරගාවලියේදී පළමු අදියරේදීද මහනුවර කණ්ඩායම විසින් යුද හමුදාව පරාජයට පත් කිරීමට සමත් විය.
ඡායාරූප - ඕෂිත වරකපිිටිය