ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව හමුවේ ලකුණු 30-17 ක් ලෙස අනපේක්ෂිත පරාජයක් ලැබීමට නාවික හමුදා කණ්ඩායමට සිදු වීය . වැලිසර නාවික හමුදා පිටියේදී ඊයේ (28) පැවති තරගයේ පළමු අර්ධයේ සිටම නාවික හමුදාවට යම් පීඩනයක් එල්ල කළ යුද හමුදාව එම අර්ධය අවසන් වනවිටදී ඉදිරියෙන් සිටියේ ලකුනු 20-10 ක් ලෙසිනි.
ජයග්රාහී යුද හමුදාව ගෝල දිනුම් තුනක් හා දඩුවම් පහර තුනක් ආධාරයෙන් සිය ලකුුණු රැස් කළ අතර නාවික හමුදාවේ ලකුණු පුවරුව ක්රියාත්මක වූයේ ගෝල දිනුම් දෙකක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙනි.
නාවික හමුදාව මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි පරාජය ලෙසින් මෙය වාර්තා විය.
ඡයාරූප - ඕෂිත වරකපිටිය