මේක උගුලක් හා මා පිළිබඳව කරන පරීක්ෂණයක්
ඉදිරි වසර දෙකක කාලය තුළ ඉටුකළ හැකි කාර්යය පිළිබඳව අවධානය යොමු කරන බවත් තමාට ලබාදුන් වගකීම පැහැර හැරියොත් එය සිය දේශපාලන දිවියේ අවසානය වන බවත් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු බාර ගැනීමෙන් අනතුරුව ඊයේ (07දා) මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මේ අවුරුදු දෙකේ කරන්න පුළුවන් වැඩටිකකට විතරයි මම අත ගහන්නේ. හැම එකක්ම බදාගෙන කිරීමෙන් ප්‍රතිඵල ගන්න බෑ. මම පොරොන්දු දේශපාලඥයෙක් නෙමෙයි. මට දුන්න වගකීම පැහැර හැරියොත් දයාසිරි ජයසේකරගේ දේශපාලයත් මෙතැනින් තීරණය වෙන නිසා මේක අපිට හම්බ වුණ උගුලක් හා මා පිළිබඳව කරන පරීක්ෂණයක් ලෙසයි දකින්නේ. මේ පරීක්ෂණය හරියට සමත්වෙන එක මගේ කාර්යයයි" යැයි ඔහු සඳහන් කළේය.
එසේම තමන් අතුරු කමිටු පාලනයට කැමති නොමැති බවත් නිලවරණයකට ගොස් ඉතාමත් ඉක්මනින් ක්‍රිකට් අතුරු කමිටුව අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"වහාම අතුරු පාලක මණ්ඩල ගැන තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. මම කැමති නෑ කිසිම වෙලාවක අතුරු පාලක මණ්ඩල හරහා ක්‍රීඩාව පරිපාලනය කරන්න. මෙතන වෙලා තියෙන්නේ ක්‍රීඩාවල ඉන්න දක්ෂයෝ තමයි රණ්ඩුව පටන් අරන් තියෙන්නේ. දෙයියනේ කියලා මේ අයට මම කියන්නෙ කරුණාකරලා ක්‍රීඩාවට ආදරෙයි නම් එකට එකතුවෙලා වැඩ කරන්න. කවුරු අතගැහුවත් ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් මගේ වැඩකොටස ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉතාම ඉක්මනින් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් තීරණයක් අරගෙන වහාම ඡන්දයකට ගිහින් මේක ඉවර කරන්න බලාපොරොත්තුවෙනවා"
අර්බුද රාශියක්
"ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට අර්බුද රාශියක් තියෙනවා. මම බොහොම වැටහීමක් ඇතිව තමයි මේ අමාත්‍යධුරය බාරගත්තායින් පස්සේ ක්‍රියා කරන්නෙ. විශේෂෙයන් අපේ ක්‍රීඩා නීතිය පිළිබඳව, ජාතික ක්‍රීඩා සැලැස්මක් පිළිබඳව ඒ වගේම අන්තර් ජාතික සංගම්වලින් අපට එල්ල වෙලා තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ඉතාමත් කෙටිකාලයක් ඇතුළත ලබාදෙන්න සිදුවෙලා තියෙනවා"
අපක්ෂපාතීව ගැටලු විසඳනවා
"මම ක්‍රීඩාව පිළිබඳව හොඳට කියවලා තියෙන්නේ. දැන් විවේචනය පැත්තකින් තියලා වැඩ කරන්න ඇවිත් තියෙන්නේ. මම බදාගෙන කිස් එකක් දුන්නට දයාසිරි අරයත් එක්ක තමයි ඉන්නේ කියලා හිතන්න එපා. ක්‍රීඩාව ගත්තාම මට දේශපාලනයක් නෑ. හැබැයි නිවැරදිව වැඩ කරන අයත් එක්ක වැඩ කරන්න මම සූදානම්. මගෙන් ක්‍රීඩාව අවසන් වෙන්නේ නෑ. තව අවුරුදු දෙකකින් වෙනත් ඇමති කෙනෙක් එන්නත් පුළුවන්. මේ අවුරුදු දෙකේදී ක්‍රීඩාව දියුණු කිරීමටත්, ක්‍රීඩා සංගම්හි තිබෙන ගැටලු සමනය කරන්නත් හා අපක්ෂපාතීව විසඳන්නනත් බලාපොරොත්තු වෙනවා"
දයාසිරි ජයසේකරගේ කණ්ඩායමක් නෑ
"මම දන්නවා විවිධ ඇමතිවරුන්ගේ කොටස් ක්‍රීඩා සංගම්වල ඉන්නවා. අරයගේ කණ්ඩායම, මෙයාගේ කණ්ඩායම කියනවා. තව අවුරුදු දෙකක් ගියාම මම කැමති නෑ දයාසිරි ජයසේකරගේ කණ්ඩායමක් හදාගන්න. මම කෙළින් මූණට කියන කෙනෙක්. මගේ හැංගිහොරා නෑ. යටින් කපන දේවල් කරන්නෙ නෑ. අපි විවෘතව වැඩකරමු. කවුරුවත් ක්‍රීඩාව විනාශ කරන්න එන්නෙ නෑ. නමුත් ඇතුළෙ තියෙන ප්‍රශ්න නිසා එක එක්කෙනාගේ මූණවල් දිහා බලලා වැඩ කරන නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙන බව පේනවා. මම නිලධාරීන්ට කියන්නෙ දේශපාලනය පැත්තකින් තියලා පොදුවේ ක්‍රීඩාව කරන්න බලමු. ක්‍රීඩාවට දේශපාලන නායකත්වය අවශ්‍යයි. හැබැයි ක්‍රීඩාවේ අනික් කරුණුවලට දේශපාලනය ගාවගන්න ගියොත් අපි ඔක්කොටම ලොකු විනාශයක් තමයි අත්වෙන්නේ"
ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය
"ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් පිළිබඳව අපි දැන් සෑහෙන කාලයක සිට කතාකරනවා. හැම ඇමතිවරයාම ඇවිත් කියන්නෙ අපි ජාතික ප්‍රතිපත්තියක් හදනවා කියලා. දැන් ඒක ගැසට් කරලා තියෙන්නේ. මගේ පළවෙනි උවමනාවත් අවශ්‍යතාවත් තියෙන්නෙ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ඊළඟ වසර දෙක තුළ එළිදක්වන්න. ඇමතිවරයෙක් ඉන්න ඕන තමන්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්න පුළුවන් තැනක. එහෙම නැත්නම් රූකඩයක් වගේ ඉන්නවට වැඩිය හොඳයි ගෙදර යන එක. ඒ නිසා ඒ නිදහස මමත් බලාපොරොත්තු වෙනවා. එහෙම නැති වුණොත් මමත් දැඩි තීන්දුවල ඉන්න කෙනෙක්"
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් මෙන්ම ජාතික මහ ක්‍රීඩා උලෙළ පිළිබඳව ඉක්මන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඡායාරූප ප්‍රදිප් දිල්රුක්ෂණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

