ශ්රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්රචන්ඩකාරී ක්රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇති වන බව හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය පවසයි.
ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසන්නේ "ශ්රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්රචන්ඩකාරී ක්රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇතිවෙනවා. මා මෙය සම්පූර්ණයෙන්ම හෙළා දකින අතරම, මෙයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට නීතිය ක්රියාත්මක කිරීම අපේක්ෂා කරනවා. එසේම මම ශ්රී ලංකා ජනතාවගෙන් මෙවන් අවස්ථාවල බුද්ධිමත්ව සහ එකාවන්ව සමගියෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙනි.