ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් එක තරගයකදී මුණ ගැසීමේ අරමුණින් හා ඇමෙරිකාව තුළ ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් ගෙන එන ක්‍රිකට් ඔල් ස්ටාර්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (07දා) ඇමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතය.
සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම හා වෝනගේ වොරියර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් එක්ව සිටියි.
මහේල හා මුරලි සචින්ගේ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර සංගා වෝන්ගේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය මෙම තරගාවලිය සඳහා විස්සයි20 තරග තුනක් ඇතුළත් අතර නිව්යෝක්, හූස්ටන් හා ලොස්ඇන්ජලීස් වලදී පිළිවෙළින් 07දා, 11 දා හා 14 දා තරග පැවැත්වීමට නියමිතය.
සචින්ගේ බ්ලාස්ටර්ස් - සචින් තෙන්ඩුල්කාර් (නායක), වී.වී.එස්. ලක්ෂ්මන්, සවුරව් ගංගුලි, විරේන්ද්‍ර ශේවාග්,බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන, කාල් හූපර්, ලාන්ස් ක්ලූස්නර්, ශෝන් පොලොක්, මොයින් ඛාන්, ග්රැහැම් ස්මිත්, ග්ලේන් මැක්ග්‍රාත්, මුත්තයියා මුරලිදරන්, සොයිබ් අක්තාර්, කර්ට්ලි ඇම්බ්‍රෝස්
වොන්ගේ වොරියරස්- ශේන් වෝන් (නායක), මැතිව් හේඩන්, රිකී පොන්ටින්, මයිකල් වොගන්, ජැක් කාලිස්, කුමාර් සංගක්කාර, ඇන්ඩෘ සිමන්ඩ්ස්, ජොන්ටි රෝඩ්ස්, ස්ක්ලෙන් මුෂ්ටාක්, වසීම් අක්රම්, ඩැනියෙන් විටෝරි, කර්ට්නි වොල්ෂ්, ඇලන් ඩොනල්ඩ්, අජිත් අගාකර්