කාන්තා දිගු දුර ධාවන ඉසව්වේ වසර 22 ක් පැරණි මීටර් 1500 ලෝක වාර්තාව බිඳ හෙළීමට ඉතියෝපියාවේ ගෙන්සෙබේ ඩිබාබා සමත් වී ඇත. ඒ ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ පසුගියදා 17 පැවැති මොනාකෝ අදියරේදීය.
24 හැවිරිදි ගෙන්සෙබා මෙහිදී මිනිත්තු 3 තත්පර 50.08 කින් තරගය අවසන් කර ඇත. මෙහිදී ඇය විසින් බිඳ හෙළනු ලැබුවේ 1993 වර්ෂයේදී චීනයේ යුන්සියා කූ විසින් තබා තිබූ මිනිත්තු 3 තත්පර 50.46 වාර්තාවයි.
කෙසේ වෙතත් ඇය එළඹෙන මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ ඇය ඉදිරියේදී මීටර් 5000 දිගු දුර ධාවන ඉසව් සඳහා වැඩි කාලයක් වැය කිරීමට අපේක්ෂා කිරීමයි.ගෙන්සෙබා තෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී ටිරුනිෂ් ඩිබාබගේ බාල සොහොයුරියයි.