සැමෝවාහි පැවැත්වෙන පස්වැනි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ස්කොෂ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරනි අද (08දා) සමත්වූවාය.
ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකාව වන ජාතික ස්කොෂ් ශූරි මිහිලියා කේවල කාන්තා ඉසව්ව නියෝජනය කරමින් මෙම පදක්කම ජයග්‍රහණය කළාය. මිහිලියා කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ ඉගෙනුම ලබයි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර ඇති අතර, එහි ඊයේ (07දා) පැවැති තරගවල කාන්තා බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 48 බර පන්තිය නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් හා උස පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ රොෂාන් ධම්මික රණතුංග රිදී පදක්කම් දෙකක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාදුන්හ.
05 වැනි වරට පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය එළඹෙන 11 වැනිදා දක්වා පැවැත්වේ.