සංජීව ධර්මසේන/ ඡායාරූප ශාන්ත රත්නායක (දඹුල්ලේ සිට)
(Update)
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම දැන් සමත්විය. ඒ අනුව තරග පහකින් යුත් තරගාවලිය තරග 1 -0 ක් ලෙස පෙරමුණගැනීමට ඔවුන් සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන පිතිකරුවෝ තරගයේ 45.2 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකරගෙන යාමට සමත්විය.
පාකිස්තානය ජය පෙනෙන මානයේ
පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 58 ක් පමණි. මේ වනවිට ඉනිමේ පන්දුවාර 36 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 04 ක් පමණනක් දැවී ලකුණු 198 ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාලනය කළ නොහැකි පිතිහරඹයක නිරත වූ මොහොමඩ් හෆීස් පන්දු 95කදී වේගවත් ලකුණු 103 ක් රැක්කර දැවී ගියේය.
මේ වනවිට ශොයිබ් මලික් (25) හා මොහොඩ් රිස්වාන් (01) පන්දුවට පහරදෙමින් සිටියි.
පාකිස්තානය තරගයට අවතීර්ණ වෙයි
පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 58 ක් පමණි. මේ වනවිට ඉනිමේ පන්දුවාර 36 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 04 ක් පමණනක් දැවී ලකුණු 198 ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාලනය කළ නොහැකි පිතිහරඹයක නිරත වූ මොහොමඩ් හෆීස් පන්දු 95කදී වේගවත් ලකුණු 103 ක් රැක්කර දැවී ගියේය.
මේ වනවිට ශොයිබ් මලික් (25) හා මොහොමඩ් රිස්වාන් (01) පන්දුවට පහරදෙමින් සිටියි.
පාකිස්තානය තරගයට අවතීර්ණ වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින පාකිස්තාන කණ්ඩායම සිසිල් පැන් පානය සඳහා තරගය මේ වනවිට නතර කර ඇති විට පන්දුවාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 186 ක් පමණි.
පාකිස්තානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 47දී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් වෙන උඩපන්දුවක් ලබාදී නායක අසාර් ර් අලි (21) දැවී ගිය අතර, මුලු ලකුණු 65 ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස අහමඩ් ශෙසාඩ් ලකුණු 69කට දැවී ගියේය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් වෙත උඩපන්දුක් ලබාදී ඔහුගේ ඉනිම අවසන් විය.
පාකිස්තානයට ලකුණු 256 ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 255 ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමට වටිනාමක් එක්කළ එකම පිතිකරුවා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 68කදී නොදැවී ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය. එය ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්යායව වේ. ඊට අමතරව නොදැවී කඩුල්ලේ රැදීසිටි ලසිත් මාලිංග ලකුණු 04 ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් හිමිවිය.
දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ යසීර් ෂාට මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීමට නොහැකිවූ අතර, සිය පන්දුවාර 10 තුලදී ලකුණු 46 ක් වැයකර ඔහුට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
පාකිස්තානු පන්දු යවන්නන් අතරින් හොදින්ම සාර්ථකවූ මොහොමඩ් හෆීස් කඩුලු 04 ක් දවාගැනීමට සමත්විය. පන්දුවාර 10 ක් යොමුකළ ඔහුට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 41 ක් රැස්කළහ.
චන්දි 14 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරයි
තම 14 වැනි එක්දින අර්ධ ශතකය වාර්ථාකිරීමට දිනේෂ් චන්දිමාල් දැන් සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 45 මේ වනවිට අවසන්ව ඇති අතර, කඩුලු පහක් දැවී ලකුණු 216 ක් රැසක්රගෙන සිටියි. පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකරන මිලින්ද සිරිවර්ධන චන්දිමාල් සමගින් පන්දුවට පහරදෙමින් සිටිති.
ශ්‍රී ලංකා නායකයාගේ ඉනිම අවසන් වෙයි
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම දැන් අවසන්වී ගියේය. ලකුණු 38 ක් රැස්කරගෙන සිටි ඇන්ජලෝ, යසීර් ෂාගේ පන්දුවකට බාබර් අසාම් වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 41.5 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 200 ක් රැස්කරගෙන සිටියි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 41 ක් රැස්කරගෙන සිටියි.
ඇන්ජි හා චන්දි ඉනිම ගොඩනගයි
පන්දුවාර 38 ක් අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 04 ක් දැවී ලකුණු 169 ක් රැස්කරගෙන සිටියි.
ඇන්ජලෝ මැතිව්ස් සමගින් දිනේෂ් චන්දිමාල් මේ වනවිට පස්වැනි කඩුල්ලට ලකුණු 62 සබඳතාවක් ගොඩනගා සිටියි.
ඇන්ජලෝ (30) - චන්දිමාල් (29)
ඩිල්ෂාන්ගේ ඉනිම ලකුණු 38කට සීමාවෙයි
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් දැන් දැවීගියේය. ඩිල්ෂාන්ගේ සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම ඉස්මතු නොවූ මෙම තරගයේදී පන්දු 65කදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 38 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 27 ක් මේවනවිට අවසන්ව ඇති අතර, ලකුණු 121/4 ක් රැස්කරගෙන සිටියි. එහි ලකුණ ලබාගැනීමේ වේගය 4.48 ක් වේ. ඇන්ජලෝ මැතිව්ස් (04) හා දිනේෂ් චන්දිමාල් (02) පන්දුවට පහරදෙමින් සිටියි.
දඹුල්ලට සිහින් වර්ෂාවක්
දඹුල්ල ක්‍රීඩාංගණය අවට මේ වනවිට සිහින් වාර්ෂාවක් ඇඳහැලෙමින් පවතියි. කෙසේ නමුත් එය තරගය පවත්වාගෙන යාමට තරම් බාදාවක් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 24ක් අවසානයේ ලකුණු 112/3 ක් රැස්කරගෙන සිටියි. ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස උපුල් තරංග, මොහොමඩ් හෆීස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප්කිරීමකට හසුව දැවී ගියේය. දැවීයනවිට තරංග ලකුණු 20 ක් රැස්කරගෙන සිටියේය.
ඇන්ජලෝ මැතිව්ස් (02) හා ඩිල්ෂාන් (36) පන්දුවට පහරදෙමින් සිටියි.
තිරිමාන්නගේ ඉනිම අවසන්වෙයි
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න දැන් දැවී ගියේය. මේ වනවිට තරගයේ පන්දුවාර 16 ක් අවසන්ව ඇති අතර, ලකුණු 81 ක් රැස්කරගෙන සිටියි.
ලකුණු 23 ක් රැස්කරගෙන සිටි තිරිමාන්න, අන්වර් අලිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
උපුල් තරංග පන්දුවට පහරදීමට පැමිණි අතර, නොදැවී කඩුල්ලේ රැදීසිටින තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 26 ක් රැස්කරගෙන සිටියි.
කුසල් දැවීයයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී ගියේය. ලකුණු 26 ක් රැස්කරගෙන සිටි කුසල් මොහොමඩ් හෆීස්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකින මොහොමඩ් රිස්වාන් වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
කුසල්ගේ දැවීයාමෙන් පසු ළහිරු තිරිමාන්න පිටියට පිවිසියේය.
මේ වනවිට තරගයේ පන්දුවාර 11 ක් අවසන්වී ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 54/1 ක් රැස්කරගෙන සිටියි.
ඩිල්ෂාන් 14 තිරිමින්න 07
මිලින්දට එක්දින වරම්
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර අද (11දා) ආරම්භ වූ පළමු එක්දින තරගයේදී එක්දින ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට මිලින්ද සිරිවර්ධන සමත්විය. මිලින්ද කළුතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වේ.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 06 ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 26 ක් රැස්කරගෙන සිටියි.
පන්දුවට පහරදෙමින් සිටින කුසල් ජනිත් ලකුණු 12ක් හා තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 06 ක් රැස්කරගෙන සිටියි.