ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නැවතත් ශ්රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු පුද්ගලිකව නිවාඩු ඉල්ලා සිටි හෙයින් නැවතත් ශ්රී ලංකාවට පැමිණෙන බව ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව 25 දා පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගය උපනායක දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවීමට නියමිතය.
මේ අතර වේග පන්දු යවන ක්රීඩක ණුවන් ප්රදීප් හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද ආබාධයන්ට ලක්ව තිබේ. ඒ අනුව ඔවුන්ටද ඉදිරි තරග අහිමිවනු ඇත. ප්රදීප්ගේ පන්දු යවන අතේ ඇඟල්ලක් බිඳිගොස් ඇති අතර ධනුෂ්කගේ කොන්දේ ආබාධයක් ඇතිව තිබේ.
චම්පික ප්රනාන්දු දකුණු අප්රිකාවේ සිට