අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2014 ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නම යෝජනවා වී තිබේ.
ඇන්ජිට අමතරව එංගලන්තයේ චාලට් එඩ්වර්ඩ්ස්, ඉන්දියාවේ භුවනේෂ්වර් කුමාර්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් හා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් මෙම සම්මාන සඳහා නිර්දේශ වී සිටිති.
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති අතර එය එළැඹෙන 30දා මධ්‍යම රාත්‍රියෙන් නිමා වීමට නියමිතය.
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා www.lgiccawards.com යන වෙබ් අඩවියට හෝ ට්විටර්හි #lgiccawards හරහා සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියයි.