අටවැනි ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (19දා) සමත්විය. මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් මුම්බායි කණ්ඩායම හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජය කර විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 187/6 ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162/10 ක් පමණි. පළමු පන්දුවාරයේදීම චෙන්නායි ඉනිම විනාශ කිරීමේ මෙහෙයුම දියත්කළ ලසිත් මාලිංග සිය පන්දුවාර හතර තුළදී ලකුණු 23කට කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත්විය.
අවසන් පන්දුවාර කිහිපයේදී ප්රහාරාත්මක ඉනිමක් ගොඩනගා පන්දු 17කදී ලකුණු 43 ක් රැස්කරමින් මුම්බායි ඉනිම ඉහළට ඔසවා තැබූ කිරන් පොලාඩ් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
මෙම ජයග්රහණයත් සමඟ මුබ්බායි ඉන්දියන් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ නමුත් චෙන්නායි කණ්ඩායම තරගාවලියෙන් ඉවත් නොවූ අතර, ඔවුන් මෙම තරගාවලියේ අද (20දා) පැවැත්වෙන රාජස්ථාන් රෝයල්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ නැවත තරග වැදීමට අවස්ථාව හිමිවේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම මෙම ඉරිදා (24දා) පැවැත්වෙන අවසන් තරගයේදී මුම්බායි කණ්ඩායම සමගින් තරග වැදීමට අවස්තාව හිමිවේ.
මුම්බායි ලකුණු පුවරුව
චෙන්නායි ලකුණු පුවරුව