ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලි ඉතිහාසයේ අති සාර්ථක ක්රීඩකයෙකු බවට පත්ව සිටින ශ්රී ලංකාවේ ලසිත් මාලිංග තවත් සුවිශේෂී කඩඉමක් ආසන්නයට පැමිණ සිටියි.
අයි.පී.එල්. තරගවාරයන්හි කඩුලු 150 ආසන්නයේ සිටින මාලිංග මේ වනවිට තරග 103කදී කඩුලු 149ක් බිඳහෙළා තිබේ. මුම්බායි කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර අද (01දා) පැවැත්වෙන තරගයේදී ඔහුට මෙම සුවිශේෂී වාර්තාවට ළඟාවීමට වැඩි අවස්ථාවක් තිබේ.
2009 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පමණක් නියෝජනය කර ඇති මාලිංග, සිය හොඳම පන්දු යැවීම 2011 වසරේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව 5/13ක් ලෙස දක්වා ඇත. එය මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෙකු අද වනතෙක් දක්වා ඇති හොඳම පන්දු යැවීමද වෙයි.