පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි එක්දින ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ඉවත්කොට තිබේ.
ඒ වෙනුවට ළහිරු ගමගේ කණ්ඩායමට කැඳවා තිබේ. කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තිලකරත්න ඩිල්ෂාන්ට මෙම තරගයේදී ලකුණු 55ක් රැස්කර ගත හැකිවුවහොත් එක්දින ලකුණු 10000 සීමාවට පැමිණිය හැකිය.
මාලිංගට අමතරව සචිත් පතිරණද කණ්ඩායමෙන් ඉවත්කොට තිබේ. ඔහු වෙනුවට සචිත්ර සේනානායක කණ්ඩායම කැඳවා තිබේ.