'මාලිංග වයසයි - වේගය අඩුවෙලා'
ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වේගය අඩුව ඇති බවත් එයට හේතුව ඔහු තරමක් වයස්ගතවීම විය හැකි බවත් ඉන්දීය ආරම්භක පිතිකරු ශිකරු දවාන් සඳහන් කරයි.
දඹුල්ලේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදී දවාන් මේ බව පැවැසීය. මේ වන විට 33 වැනි වියේ පසුවන මාලිංග ඊයේ ක්‍රිඩා කළේ සිය 200 වැනි ජාත්‍යන්තර තරගයටයි. එහිදී ඔහුට එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවූ අතර ඉන්දීය පිතිකරුවන් පහසුවෙන්ම පන්දුවට පහරදෙන අයුරු දක්නට ලැබුණි.
“මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ඔහු තරග රටා තුනේදීම ශ්‍රී ලංකාවට විශාල සේවයක් කර තිබෙනවා. නමුත් දැන් ඔහු තරමක් වියපත් වෙලා. ඒ නිසා ඔහුගේ පන්දුවල වේගය අඩු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට පිතිකරුවන් ලෙස ඔහුට පහර දෙන්න අවස්ථාව ලැබී තිබෙනවා.
මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒක ජීවන චක්‍රය. ශ්‍රී ලංකාව තරුණ කණ්ඩායමක්. ඔවුන් ඉන්නේ සංක්‍රාන්ති කාලයක. තරුණ කොල්ලන් දක්ෂයි නමුත් ඔවුන්ට කාලය ඕන”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

