අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික, අධ්‍යාපන හා ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් 30 වැනි වරට පැවැත්වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (07දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
දින පහක් පුරා පැවැති මෙම තරගාවලිය ක්‍රීඩා ඉසව් 53 ක් යටතේ පැවැත් වූ අතර, ඒ සඳහා දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් 1044 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4786 දෙනෙක් සහභාගී වූහ.
මීගමුව මාරිස්ටෙලා විදුහල නොකඩවා පස්වැනි වරටත් මෙහි බාලක ශූරතාව හිමිකර ගැනීමට සමත් වූ අතර, අනුශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින්ද, තෙවැනි ස්ථානය අනුරාධපුර මධ්‍ය මහා විදුහල විසින්ද දිනාගත්තේය.
මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම
රත්නපුර සුමනා බාලිකා විදුහල නොකඩවා හයවැනි වරටත් මෙහි බාලිකා ශූරතාව හිමිකර ගැනීමට සමත් වූ අතර, වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල එහි අනුශූරතාවද, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල තෙවැනි ස්ථානයද හිමිකරගති.
සුමනා බාලිකා විදුහල් කණ්ඩායම
තරගාවලියේ සමස්ත ශූරතාව බස්හාහිර පළාත විසින් හිමිකරගත් අතර, අනුශූරතාව වයඹ පළාත විසින්ද තෙවැනි ස්ථානය සබරගමුව පළාත විසින්ද හිමිකරගනු ලැබීය. ඊට අමතරව පිළිවෙළින් මධ්‍යම (04), උතුර (05), උතුරු මැද (06), දකුණ (07), ඌව (08) හා නැගෙනහිර (09) පළාත් වලට සෙසු ස්ථාන හිමිවිය. එමෙන්ම මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 19 ක් බිහිවිය.
දක්ෂතම මලල ක්‍රීඩකයා - ආර්. රොෂාන් ධම්මික
දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ ආර්. රොෂාන් ධම්මික සම්මාන හිමිකරගත්තේය. වයස 17 පහළ උස පැනීම ඉසව්ව නියෝජනය කළ ඔහු මීටර 2.08 ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක්ද පිහිටුවීමට සමත් විය.
දක්ෂතම මලල ක්‍රීඩිකාව - ඊ.පී. කෞෂල්‍යා මධුශානි
දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස කුලියාපිටිය මැදි මහ විදුහලේ ඊ.පී. කෞශල්‍යා මධුශානි සම්මාන හිමිකරගත්තාය. වයස 21 පහළ මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව මිනිත්තු 01.02.11 කාලයකින් අවසන් කළ ඇය නව තරග වාර්තාවක්ද පිහිටුවීමට සමත් විය. ඇය කඩුලු මතින් දිවීමේ දක්ෂතමයා ලෙසද සම්මාන හිමිකරගත්තාය.
සමස්ත ශූරතාව බස්නාහිර පළාත ලබා ගනිමින්
පැනීමේ ඉසව් දක්ෂතමයා ආර්. රොෂාන් ධම්මික
ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ ආර්. රොෂාන් ධම්ම්ක රණතුංග පැනීමේ ඉසව්වෙහි දක්ෂතමයා ලෙස සම්මාන හිමිකරගත්තේය. වයස 17 පහළ උස පැනීම බාලක ඉසව්ව නියෝජනය කළ ඔහු මීටර 2.08 දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක්ද පිහිටුවීය.
විසිකිරීමේ ඉසව්හි දක්ෂතමයා කේ.ඒ.පී. ජයවර්ධන
හලාවත ආනන්ද ජාතික පාසලේ කේ.ඒ.පී. ජයවර්ධන විසිකිරීමේ ඉසව්හි දක්ෂතමයා ලෙස සම්මාන හිමිකරගත්තේය. කවපෙත්ත විසිකිරීම ඉසව්ව නියෝජනය කළ ඔහු මීටර 54.00 දක්ෂතාවක් දැක්වීය.
ධාවන තරග දක්ෂතමයා ජී.කේ. වෙනුර ලක්මාල් (8879)
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ජී.කේ. වෙනුර ලක්මාල් ධාවන තරග ඉසව්වෙහි දක්ෂතමයා ලෙස සම්මාන හිමිකරගත්තේය. මීටර 400 ඉසව්ව නියෝජනය කළ ඔහු තත්. 47.97 දක්ෂතාවක් දැක්වීය.
සහාය දිවීම බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල ලබාගනිමින්
සහාය දිවීම බාලික ශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහල ලබාගනිමින් (8882)
15 පහළ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල ලබාගනිමින්
15 පහළ බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහල ලබාගනිමින්
17 පහළ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල ලබාගනිමින්
17 පහළ බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහල ලබාගනිමින්
19 පහළ බාලක ශූරතාව වෙන්නප්පු ජෝශප් වාස් විදුහල ලබාගනිමින්
19 පහළ බාලිකා ශූරතාව වලල ඒ බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහල ලබාගනිමින්
21 පහළ බාලක ශූරතාව වෙන්නප්පු ජොශප් වාස් විදුහල ලබාගනිමින්
21 පහළ බාලිකා ශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහල ලබගනිමින්
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු