මහේලගේ ලෝක කණ්ඩායම හීරෝස්ලාට පරදියි
බි්රතාන්ය ආරක්ෂක සුබසාධන අරමුදලට මුදල් රැස්කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (17දා) රාත්‍රියේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලෝක කණ්ඩායම පරාජය කර කඩුලු 04 ක පහසු ජයක් ලැබීමට එංගලන්ත හීරෝස් කණ්ඩායම සමත්විය.
බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වය යටතේ පළමුව පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 158 ක් රැස්කිරීමට සමත්විය. මෙහිදී මහේල ජයවර්ධන පන්දු 28කදී හයේ පහරක් හා හතරේ පහර පහක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත්විය. මෙම කණ්ඩායම බ්‍රයන් ලාරා, ග්රැහැම් ස්මිත්, මැතිව් හේඩින්, ඩැනියෙල් විටෝරි සහඅබ්දුල් රසාක් වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.
කෙසේනමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හිටපු එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්රාවුස් නියෝජනය කළ හීරෝස් කණ්ඩායමට එම ඉලක්කය පසුකර යාම එතරම් අභියෝගයක් නොවූ අතර, ඔවුන් තරගයේ 19.3 වැනි පන්දුවාරයේදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 159ක් රැස්කරමින් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ.
මහේන්ද්‍රසිං දෝනි පන්දු 22කදී නොදැවී ලකුණු 38ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, විරේන්ද්‍ර ෂෙවාග් පන්දු 25කදී ලකුණු 30ක් රැස්කිරීමට සමත්විය. හීරෝස් කණ්ඩායම හර්ෂල් ගිබ්ස්, සහීඩ් අෆ්රිඩි, ඩේමියන් මාටින්, අසාර් මහමුද් වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

