10.42 A.M. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම වූ කඩුල්ල වන සෆ්රාස් අහමඩ් දවා ගැනීමට චානක වෙලගෙදර සමත්විය. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට අවශ්‍ය වන්නේ තවත් එක් කඩුල්ලක් පමණි. නව පිතිකරු ලෙස සහීඩ් අජ්මාල් පිටියට පිවිසියේය. පාකිස්තානය 152/8 (පන්දුවාර 49.2)
රියාස් 7* අජ්මාල් 0*
Sarfraz Ahmed c Sangakkara b Welegedara 55 (89b 2x4 0x6) SR: 61.79
10.14 A.M. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මහේල ජයවර්ධන සිය අවසන් ඉනිමේ පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය ඇත්තේ කඩුලු දෙකක් දවා ගැනිම පමණි. ජුනයිඩ් ඛාන් පන්දුවට පහර දීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. පාකිස්තාන කණ්ඩායම කඩුලු 7ට ලකුණු 135ක් රැස්කරගෙන සිටියි.
සෆ්රාස් 42* වහබ් රියාස් 4*