2015-2016 වසර සඳහා ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලියට ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.
ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කිරන් පොලාර්ඩ් දණහිසේ ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම මත ඔහුගේ පුරප්පාඩුව සඳහා මහේල ජයවර්ධන මෙලෙස ආදේශ කර තිබේ.
ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් ප්‍රධාන පුහුණුකරු ජේසන් ජිලේස්පි විදෙස් මාධ්‍යයට පවසා තිබුණේ මහේල ජයවර්ධන යනු නූතන ක්‍රිකට් වංශ කතාවේ සුපිරි ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු සතු අත්දැකීම් තුළින් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ගත හැකි බොහෝ දෑ ඇති බවයි.
ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලිය දෙසැම්බර් 17 වැනිදා සිඩ්නි තන්ඩර් හා සිඩ්නි සික්සර් අතර තරගයෙන් ඇරඹීමට නියමිතය.