5.34 P.M. සිව්වැනි දිනයට තරගය නිමාකරන විට පාකිස්තාන කණ්ඩායම ලකුණු 127 රැස්කරගෙන සිටියි. ඒ සඳහා ඔවන් කඩුලු හතක් වැයකර තිබේ. ජුනයිඩ් ඛාන් පන්දුවට පහරදීමට පිටියට නොපැමිණියහොත් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලබාගත යුතු වන්නේ කඩුලු 2ක් පමණි. පාකිස්තානයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 144ක් අවශ්‍යවෙයි.
Asad Shafiq st †Dickwella b Herath 32 (62b 5x4 0x6) SR: 51.61
Abdur Rehman lbw b Perera 5 (10b 0x4 0x6) SR: 50.00
4.05 P.M. පාකිස්තාන කණ්ඩායමේ අත්‍යවශ්‍ය කඩුලු පහ දවාගනිමින් තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය මාර්ගය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සකස්කර ගත්තේය. පන්දුවාර 19ක් නිමාවන විට පාකිස්තාන කණ්ඩායම ලකුණු 56ක් රැස්කරගෙන සිටියි. තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 4ක් පමණි. ජුනයිඩ් ඛාන් පන්දුවට පහරදීමට පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
අසාඩ් සාෆික් 6* සෆ්රාස් අහමඩ් 2*
Khurram Manzoor c †Dickwella b Prasad 10 (13b 1x4 0x6) SR: 76.92
Ahmed Shehzad lbw b Prasad 8 (16b 1x4 0x6) SR: 50.00
Azhar Ali c Jayawardene b Herath 10 (30b 1x4 0x6) SR: 33.33
Misbah-ul-Haq c Jayawardene b Herath 3 (11b 0x4 0x6) SR: 27.27
Younis Khan lbw b Herath 8 (30b 1x4 0x6) SR: 26.66
2.18 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 282කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 270ක ඉලක්කයක් හිමිවිය. මැතිව්ස් ලකුණු 43ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු පහ ලකුණු 70කද බිද වැටුණි.
N Dickwella lbw b Wahab Riaz 21 (41b 2x4 0x6) SR: 51.21
MDK Perera lbw b Wahab Riaz 0 (2b 0x4 0x6) SR: 0.00
KTGD Prasad run out 19 (40b 1x4 1x6) SR: 47.50
HMRKB Herath b Wahab Riaz 0 (4b 0x4 0x6) SR: 0.00
UWMBCA Welegedara run out 0 (2b 0x4 0x6) SR: 0.00
12.08 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහට ලකුණු 234ක් රැස්කරගෙන සිටියි. පස්වැනි කඩුල් ලෙස ළහිරු තිරිමාන්න දැවී ගියේය. පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ලකුණු 222ක් ඉදිරියෙන් සිටියි. අද දිනයේ මේ දක්වා බිඳ වැටුණු කඩුලු තුනේම හිමිකරු වූයේ සහීඩ් අජ්මාල්ය.
නිරෝෂාන් 13* මැතිව්ස් 24*
HDRL Thirimanne b Saeed Ajmal 10 (45b 0x4 0x6) SR: 22.22
10.27 A.M. සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩාකරමින් සිට මහේල ජයවර්ධන දැන් දැවී ගියේය. ඒ සහීඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ අහමඩ් ශේෂාඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඊට පෙර සහීඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ සංගාද දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 69ක් අවසානයේදී කඩුලු හතරට ලකුණු 190ක් රැස්කරගෙන සිටියි.
KC Sangakkara c Azhar Ali b Saeed Ajmal 59 (130b 4x4 0x6) SR: 45.38
DPMD Jayawardene c Ahmed Shehzad b Saeed Ajmal 54 (137b 8x4 0x6) SR: 39.41
10.06 A.M. සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩාකරමින් සිටින මහේල ජයවර්ධන මීට සුළු මොහොතකට පෙර සිය ටෙස්ට් දිවියේ 50වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 65ක් අවසානයේදී ලකුණු 185ක් රැස්කරගෙන සිටියි.
මහේල 53* සංගා 58*
ඡායාරූප ශාන්ත රත්නායක