මහෙල පියවර පහක් ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කළ නවතම ටෙසට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පියවර පහක් ඉදිරියට පැමිණ 13වැනි ස්ථානයට පත්ව තිබේ.
ඒ ඔහු බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ද්විත්ව ශතකය හේතුවෙනි.මේ අතර එම තරගාවලියේදී සිය මංගල ටෙස්ට් ශතකයන් වාර්තා කළ කිත්රුවන් විතානගේ පියවර 52ක් ඉදිරියට පැමිණ 98වැනි ස්ථානයටත්, කෞෂාල් සිල්වා පියවර 12ක් ඉදිරියට පැමිණ 48වැනි ස්ථානයටත් පත්ව තිබේ.
ටෙස්ට් පිතිකරණ ශේණිගත කිරීම්වල කුමර් සංගක්කාර 7වැනි සථානයේත්, ඇන්ජලෝ මැතිවුස් 12වැනි ස්ථානයේත් රැදී සිටී. මේ අතර ලොව අංක එකේ එක්දින කණ්ඩායම වශයෙන් සිය ස්ථානය රැක ගෙන සිටි ඉන්දීය කණ්ඩායම, නවසීලන්තය හමුවේ ලැබූ තරගාවලි පරාජයත් සමගින් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දෙවැනිස්ථානයට පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එහි ප්‍රථමස්ථානය හිමිව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැදී සිටී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

