www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මෙවර ඩයලාග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය ජයමාවත ඉදිරියටත් ගෙන යමින් පොලිස් කණ්ඩායම පරදා ලකුණු 43-11 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ පොලිස් මූලස්ථාන පිටියේදී ඊයේ (11) පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමු අර්ධය නිමා වන විටදී ලකුණු 31-06 ක් ලෙස පැහැදිලි පෙරමුණක් ලබා සිටියේය.
මහනුවර ලකුණු පුවරුව වෙනුවෙන් ගෝල දිනුම් 4 ක් හා උත්සාහක දිනුම් 3 ක් වාර්තා වූ අතර පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුවට දඩුවම් පහරක්, ඩ්‍රොප් ගෝලයක් හා උත්සාහක දිනුමක් අන්තර්ගත විය.
මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙයයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd