පිට පිට තෙවැනි වරටත් අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව තමන් සතු කරගනිමින් මෙවර අන්තර්සමාජ ලීග් රග්බි තරගවාරයේ ශූරතාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කරගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ තීරණාත්මක හැව්ලොක්ස් සමගින් පැවැති තරගය ලකුණු 25-11 ක් ලෙසින් ජය ගනිමිනි.
තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය ලකුණු 8-6 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් නිමා කිරීමට සමත් වූ මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කරගනිමින් ජය වාර්තා කිරීමට සමත් වූයේ අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව දිනාගත් 18 වැනි අවස්ථාව සනිටුහන් කරමිනි.
ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් හා දඬුවම් පහරක් මගින්ද හැව්ලොක්ස් ක්රීඩකයෝඋත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් ආධාරයෙන්ද සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප-ක්‍රිශාන් රණසිංහ